| Share |
ජාතික කෞතුකාගාරයේ අසිපත් ඇතුළු පෞරාණික බඩු රාශියක් සොරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා කුඩු කාරයන් කිහිප දෙනෙකු අල්ලා ගැනීමේ පොලිස් මෙහෙයුම හාස්‍යයට ලක් කරමින් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය පිළිබද ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව සිටින බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික හෙළ උරුමය නායකයින් තමන්ට අදාල නොවන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරමින් පසුගිය කාලයේ නිවේදන හා ප්‍රකාශන ගණනාවක් නිකුත් කර ඇති බව ඇමතිවරු කිහිප දෙනෙකු හමුවේ පවසා ඇති ජනාධිපතිවරයා සෝභිත හිමිගේ ප්‍රකාශයට වහාම පිළිතුරු දෙන්නැයි පොලිස්පති වරයාට ඊයේ (22) උදේ නියෝග කර ඇත.
සෝභිත හිමිගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් පොලිසිය විසින් නිකුත් කරන නිවේදනයට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් රජයේ සහ පෞද්ගලික මාධ්‍යයන්ට දැනුම් දී ඇත. පසුගිය වකවානුවේ හෙළ උරුමයේ නායකයන් හා ජනාධිපති අතර සුළු සුළු මත ගැටුම් කිහිපයක්ම ඇති වී තිබිණ.
ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුව විවේචනය කරමින් පසුගිය කාලයේ ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර තිබූ අතර එයට ප්‍රතිචාරයක් ලෙස හෙළ උරුමය විසින් සංවිධානය කරන උත්සව වර්ජනය කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.
පසුගිය අගෝස්තු 19 සහ 20 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සංවිධානය ්‍රලද “ECO revolution 2012’’ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණ ද සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය පිළිබද උත්සවයකට සහභාගි වන්නට තිබෙනවා යැයි කියමින් ජනාධිපතිවරයා එම උත්සවය මග හැර තිබේ.
මෙම “ECO revolution 2012’’ සම්මන්ත්‍රණය ඉන්දියාවේ සුප්‍රකට “ECO needs’’ සංවිධානය හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ “සදහම් සෙවණ’’ ඒකාබද්ධව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් වූ අතර ඒ සදහා ඉන්දීය නියෝජිතයන් 175 දෙනෙකු සහ කොරියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවලින් නියෝජිතයන් සහභාගි වූ බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය ඊට අනුග්‍රහය දක්වා ඇති අතර විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ජනාධිපති වෙනුවට ඊට සහභාගි වූ බවත් එම සම්මන්ත්‍රණයේ සංවිධායකයෙක් අප හා පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












